Home » » පෑලියගොඩ නගරසභාවේ නව මන්ත‍්‍රීවරයෙකු දිවුරුම් දෙයි

පෑලියගොඩ නගරසභාවේ නව මන්ත‍්‍රීවරයෙකු දිවුරුම් දෙයි

Written By Sri Shan on Monday, July 28, 2014 | 7:49 AM

පෑලියගොඩ නගරසභාවේ මන්ත‍්‍රීවරයෙකු ලෙස මලිත් දිසානායක මහතා දිවුරුම් දීම අද (28) මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍යාංශයේදී සිදු විය.

හිටපු නාගරික මන්ත‍්‍රී ශාමිල සඳරුවන් ගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා පත් වූ දිසානායක මහතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.
මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් කැෂියන් හේරත් මහතා සහ අමාත්‍ය උපදේශක රෙහෙන්සිරි වරාගොඩ යන මහත්වරු ද සහභාගී වූහ.

0 comments:

Post a Comment




விளம்பரங்கள்

POPULAR POST

Powered by Blogger.